ඌරු කතා

Posted by දුමී

මට ඔය අහන්න ලැබිච්ච කට කහන ඌරු කතා දෙක තුනක් මතක් වෙලා හැමෝම එක්ක ෂෙයාර් පාරක් දාගන්න ඔනේ කියල හිතුනා. පහුගිය පෝස්ට් වලදි යාලුවො දෙතුන් දෙනෙකුටම මඩ ප්‍රහාර එල්ල උන නිසා ඒක ටිකක් ශරීර සෞඛ්‍යයටත් හොඳයි මොකද මේ කතාවලට මගේ කිසිම යාලුවෙක් සම්භන්ධ නෑ. මේ කතාවලදි ඔන්න මම යාලුවො ගැන කතා කලොත් ඒ මගේ යාලුවො ගැන නෙමෙයි වෙන කාගෙ හරි යාලුවො ගැන.

ඔය ඉතින් ඌරො ගැන කතා කරනකොටම මට ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ පහුගිය කාලෙදි ගජරාමෙට පැතුරුණ ඌරු උණ රෝගය එහෙම නතිනම් සූකර උණ නැතිනම් සිංහලෙන් කිව්වොත් ස්වයින් ෆ්ලූ එක ගැන. ඕක ඔය දවස්වල පැතිරිල ගිය විදිහට සහ මීඩියා වල ගිය විදිහටයි මම නම් හිතුවෙ ලෝකෙන් භාගයක් විතර සුද්දයි තමයි කියල. හැබැයි දැන්නම් ඉතින් එහෙම ලෙඩක් තියෙන එකෙක්ව හොයගන්නවත් බැහැ අඩුගානෙ කටුගෙට දාන්නවත්. ඒ දවස්වල ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙ ගොඩක් කට්ටිය ඌරු මස් කන එකත් නැවැත්තුවා. ඒත් මම නම් දන්න විදිහට ඒ ලෙඩේට ඌරා කිසිම ලෙසකින් සම්භන්ධ නෑ.මේ ලෙඩේට ඒ අහිංසක සතාගෙ නම දාපු එකාව ඉස්සෙල්ලම හොයාගන්න වටිනවා. ඔන්න ඉතින් අපේ කට්ටිය ඔය වගේ ලෙඩ හැදෙන කොට කෑම බීම වලින් හරියට පරිස්සම් වෙනවනෙ. එක කාලයක් 'මෑඩ් කව් ඩිසීස්' එක පැතුරුන වෙලාවෙ හරක් මස් කන එක නැවත්තුව. මම අඳුරන එකෙක් අල්ලපු ෆ්ලැට් එකේ එකාට 'චිකන් පොක්ස්' හැදුන කියල කුකුල් මස් කෑවෙ නෑ මාසයක් විතර.

හැමෝම දන්නවනෙ ලංකාවෙ වත්තල පැත්ත ඉතින් ඔය ඌරු මස් වලට හරි ප්‍රසිද්ධයි කියල. කටුණායක ඉඳන් එනකොට පාර දෙපත්තෙම ඌරු මස් ලෑලි කීයක් නම් තියෙනවද ? මේ කතාවත් ඔය වත්තල පැත්තෙ තියෙන ඌරු ෆාම් එකක වෙච්ච සිද්ධියක්. මේ ඌරු ෆාම් එකේ හිටියෙ එකම එක ඊරියෙක් විතරයිලු. ඉතින් එකා යකා කිව්ව වගේ මේ ඊරිත් හොඳට කාල බීල සත්දන්තයෙක් වගේ තමා ඉඳල තියෙන්නෙ. මූ සයිස් එකෙන් නිකන් අලි පැටියෙක්ට දෙවනි නැහැල්ලු. අනික මූ හරිම වසයිලු. කොහොමත් ඉතින් තනිකඩ ගෑනු සත්තු හරි වසයිනෙ. නෑ නෑ බැඳපු සත්තුත් හරි වසයි. ෆාම් අයිති කාරයත් ෆුල් ගේම් එකක් දීල තමයි ඌව ආංබාං කොරන්නෙ. ටික කාලයක් යනකොට ඉතින් ෆාම් එකේ අයිතිකාරය කල්පනා කලාලු මේ ඊරිට පොඩි කටයුත්තක් එහෙම කරල දුන්නොත් නරකද කියල. එතකොටවත් ඔය තියෙන මුරණ්ඩුකම් එහෙමත් අඩුවෙල යයි නේද කියල. දන්නවනෙ ඉතින් ඔය ෆාම් වල කටයුතු වෙන විදිහ. ඒවට කියන්නෙ මේට් කරනවද මොකක්ද අහවල් එකක් කරනව කියල. ඉතින් ෆාම් අයිති කාරයත් තමන්ගෙ යාලු ෆාම් අයිතිකාරයෙක් එක්ක කතා කර ගත්තලු දවසකට දෙකකට ඊරිව එයාගේ ෆාම් එකට දාල තියන්න. යාලුව ගාව ඉන්නවලු හොඳ නාඹර ඌරො තුන් හතර දෙනෙක්. ෆාම් එකේ අයිති කාරය පහුවෙනිද උදේ තව තුන් හතර දෙනෙක් එක්ක ආවලු ඊරිව අල්ලලා අනිත් ෆාම් එකට ගෙනියන්න. මූව ගෙනියන්න කට්ටිය අරගෙන ඇවිල්ල තිබුනෙ ලොකු වීල් බැරෝ එකක්ලු. ඊරි කටිටියටම හොඳ රැගක් දුන්නලු අයෙත් කාටවත් ඌරො අල්ලන්න එපා වෙන්නම. කොහොමෙන් කොහොම හරි පැය තුන හතරකට පස්සෙ කට්ටිය ෆුල් ඩම් එක දාල ඊරිව අල්ලල වීල් බැරෝවෙ තියල බැන්ඳලු. ඔන්න ඉතින් යන්තම් කට්ටිය ඊරිව වීල් බැරෝවෙ දගෙන අනිත් ෆාම් එකට ගිහිල්ල අත අරියලු. ආපහු හවස කට්ටිය ඊරිව අල්ලගෙන වීල් බරෝවෙම දාගෙන ඇවිල්ල දැම්මලු ආපහු ඌරු කොටුවට. කොහොම හරි පහුවෙනිද උදෙත් කට්ටිය ගියාලු ඊරිව අල්ලා අනිත් ෆාම් එකට ගෙනියන්න බලාගෙන. කට්ටිය ගිහිල්ල බලනකොට ඊරි උගෙ කොටුව ඇතුලෙ නැහැල්ලු. ඌරු කොටුවෙ හැම තැනම හෙව්වත් ඊරිව හොයා ගන්න බැරි උනාලු. දන් කට්ටියට ෆුල් අප්සෙට්. එහෙං මෙහෙං කතා උනාලු පොලිසියේ හරි එන්ට්‍රි එකක් දාන්න ඕනෙ කියල. එහෙම හිතල කට්ටිය පිලිකන්න පැත්තෙන් යනකොටම මේ ඉන්නෙ බොලේ ඊරි !!!. ඌ කොටුව කඩාගෙන ඇවිල්ල තනියම වීල් බැරෝවට නැගල ඉන්නවලු.

හැමෝම දන්නවනෙ ඔය වල් ඌරු මස් ගැන. ඌරු මස් වලින් රහම වල් ඌරු මස් කියල තමයි කියන්නෙ. අනිත් ඌරු මස් වලට කියන්නෙ ගම් ඌරු මස් කියල මගෙ හිතේ. ඔය මස් විකුනන අය හිටපු ගමන් ජිල් මාට් එකක් දාල කස්ටමර්ස්ලට ගම් ඌරු මස් විකුණනව වල් ඌරු මස් කියල. මොකද වල් ඌරු මස් හරි ගනංලු ගම් ඌරු මස් වලට වඩා. ඔය ෆාම් කාරයො ගම් ඌරා වල් ඌර කරන්න ක්‍රම සහ විදි හොඳට දන්නවා. ඒ ගොල්ලො පාවිච්චි කරන එක ක්‍රමයක් තමා මේ තියෙන්නෙ.ඉස්සෙල්ලම උන් හොඳ ඌරෙකුයි ඊරියෙකුයි තෝර ගන්නවා. ඊට පස්සෙ උන් දෙන්නව ඔය බීච් එකක් අයිනෙ තියෙන හොඳ වැටකෙයියා ගාලකට යවනවා. පැයක් හමාරක් ගියාට පස්සෙ ඔය එන්නෙ 'වල් ඌරයි' , 'වල් ඊරියි'. ඊට පස්සෙ උන් දෙන්නට 'වල් ඌරා' 'වල් ඊරි' කිය කිය ගහල මරනවා. හරිනෙ දැන් ඔය තියෙන්නෙ 'වල් ඌරු මස්'. ඉතින් අල්ලල හොඳ ගානකට විකුනනව .

ඔය ලංකාවෙ පොලීසි වලිනුත් ඔය ගම් ඌරො වල් ඌරො කරන වැඩේ හරි හරියට කරනවලු. ඒ ගොල්ලො කරන විදිහ ඉස්සෙල ක්‍රමයට වඩා ටිකක් වෙනස්. ඒ ගොල්ලන්ට ඕනෙ වෙන්නෙ එක ඌරෙක් හරි එක ඊරියෙක් හරි විතරයි. ඉතින් මෙන්න මෙහෙමයි ලංකාවෙ පොලිසි වලින් ගම් ඌරො වල් ඌරො කරන්නෙ. ඔන්න ඌරෙක්ව හරි ඊරියෙක්ව හරි පොලිසියට ගේනව. ගෙනැල්ල ඌව දානව කාමරයකට. දාල මොකද දන්නවද කරන්නෙ, ඔය පොලිසි වල තියෙනවනෙ එහෙන් මෙහෙන් අත්ඩංගුවට ගත්ත නිල් චිත්‍රපට, නිල් සඟරා ආදිය. ඌරට ඒව දාල පෙන්නනවා. ඒවා බැලුවට පස්සෙ ඌරා නිකන්ම 'වල් ඌරා' වෙනවා. ඊට පස්සෙ ඌව මරල විකුනනව හොඳ ගානකට.

මම අහල තියෙන විදිහට ඔය සමහර කතෝලික කට්ටිය ගෙදර ඌරෙක් ඇති කරනවලු ඊලඟ නත්තලට මරන්න කියල. ඒ වගේම කලුකුමෙක්වත් ඇති කරනවලු ඊලඟ මහ සිකුරාදා දවසට කෑම මේසයට යවන්න. මේකත් එහෙම ගෙදරක වෙච්ච දෙයක්. ඉතින් දවසක් මගෙ යාලුවෙක් ගිහිල්ල තියෙනවා එයාගේ හිතවත් කතෝලික පොරක්ගෙ ගෙදර. යනකොට වත්ත පුරා දුව දුව ඉන්නවලු හොඳ ලස්සන ඌරෙක්. හැබැයි මේ ඌරගෙ පිටිපස්ස පැත්තෙ කකුලක් නැහැල්ලු. ඉතින් කතා කර කර ඉන්න ගමන් මෙයා ඇහුවලු යාලුවාගෙන් මොකද මචං මේ ඌරගේ කකුලක් අඩු කියල. ඉතින් යාලුව කිව්වලු,

"දවසක් මගෙ නෝන කුස්සියෙ උය උයා ඉන්නකොට එක හොද්දක් ලිපෙන් බාන්න අමතක වෙලා, එකෙන් ගිනි ඇවිලිලා මුලු කුස්සියම ගිනි ගත්තනෙ. හප්පේ මේ ඌරා ඒක දැකල අපිට අනතුරු ඇඟෙව්වෙ නැත්නම් අපි ඔක්කොම එදා ඉවරයි" කියල.

ඉතින් යාලුව කිව්වලු "ෂාහ් ඒකනම් ටොප් වැඩක්නෙ. මාර ඌරෙක්නෙ මේකා, ඒත් ඇයි මේ පස්සෙ කකුලක් නැත්තෙ

ඉතින් ඔන්න මෑන්ස් කියනවලු,

"දවසක් රෑ අපේ ගෙදරට හොරෙක් පැනලා ගෙට ඇතුලු වෙලා, අල්මාරිය කඩල, රත්තරන් බඩුයි සල්ලියි අරගෙන යනකොට මේ ඌර උගේ ඉස්සරහට පැනල ඌව බිම දාල පාගල පොලිසිය එනකං ඌව කොටු කරගෙන හිටියනෙ"

"ෂාහ් . . . මාර දක්ශ කමෙක්නෙ මූ කරල තියෙන්නෙ . . . ඉතින් කොහොමද පිටිපස්සෙ කකුල නැති උනේ ?"

ඉතින් ඔන්න මෑන්ස් ආයෙත් කියනවලු,

"දවසක් මගේ පොඩි පුතා බෝල ගහ ගහ ඉන්නකොට පිටිපස්සෙ පත්තෙ තියෙන ලිඳට වැටිල. මේ ඌරා එක දැකල මාව ඇදගෙන එතනට ගිය හිංඳ පුතාව බේරගන්න හම්බ උනා"

"අප්පට සිරි, අදහන්න වටින ඌරෙක්නෙ මේකා . . . ඒත් ඉතින් කිව්වෙ නෑනෙ කොහොමද උගේ කකුලක් නැති උනේ කියල ?"

ඉතින් ඔන්න මෑන්ස් කියනවලු,

"මේ වගේ ඌරෙක්ව කොහොමද මචං එක පාර කන්නෙ ?"

15 comments :

  1. ආදර්ශමත් වටිනා කියන කතාව...

    ReplyDelete
  2. මරු කතා ටික කොලුවෝ... අන්තිම කතාව කියවල.. මගෙ විටෙත් එලියට පැනපි...

    මොනා කලත් නියම කෑම..

    ReplyDelete
  3. ඉන්ඩි සහෝ, බොහෝමත්ම ස්තුතියි ඇවිත් ගියාට.

    මාතලන් මාමෙ . . . බුදු අම්මො, පරිස්සමෙන් ගොයියො, ඔය පපුවෙ අමාරු කාරයන්ට එහෙම මේ කතා බොහෝම අගුණයි නෙව .

    ReplyDelete
  4. හික්ස්...මැක්සා

    ReplyDelete
  5. නියම කතා ටික ලොක්කා. උපරිමයි. අදමයි නොවැ මේ බ්ලොග් එක මට අහුවුණේ. ඉස්සරහට අනිවා අපි බලනවා :)

    ReplyDelete
  6. වැම්පයර්, හසිත මල්ලි සහ හසිත මල්ලි, බ්ලොග් ගඩොල්, බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට.

    ReplyDelete
  7. දැන් ලියන්නේ හිටු කියල‍‍‍ නියමයි දැන් මේ බිලොග් එක පැත්තෙ ඇවිත් එක හුස්මට කියවන එක පුරුද්දක් වෙලා

    ReplyDelete
  8. වත් මේ පැත්තෙ ඇවිල්ල කතාවක් කාරිය දාල යන එක අපිට ඉතින් ලොකු හයියක්ම. එහ්හෙනං.

    ReplyDelete
  9. එළ කතානෙ මූ ලියන්නේ

    ReplyDelete
  10. මරු කථා සෙට් එක මචං...ටාසන් බාප්පා වල් ඌරා ට මරු ඉංග්‍රීසි නමක් කිව්වා ... sexy pork ...

    ReplyDelete
  11. අම්මේ.......... තාමත් හිනා මට :D :D :D :D :D :D

    ReplyDelete

Related Posts with Thumbnails