වඳුරු පුක් රෙමඩිය - Monkey Butt Remedy

Posted by දුමී

පුක කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි කියලා අපේ කසු (කතන්දර සූරීන්) ඔප්පු කරලා, සාධනය කරලා, විච්ඡේදනය කරලා, අපෝහනය කරලා පෙන්නුවේ දැනට ටික කාලෙකට කලින්. ඔන්න ඒ පාර අපේ මාරයා උන්නැහේත් පුක බිහිඋනේ කොහොමද කියලා මේ ඊයේ පෙරේදා දාපු මාර බණ පෝස්ටුවකින් පහදලා දුන්නා. ඔන්න ඉතින් කොටුව සකස් කරලා තියෙන වෙලාවෙ බුලත් දඬු ටිකක් හිටව ගන්න ඕනෙ කියලා මමත් හිතුවා පුක් සීරීස් එකක් පටන් ගන්න කියලා. කලින් එක කතාවක් විදිහට ලියන්න හිතුවත් ගොඩාරියක් දික් වෙයි කියලා කතා කීපයක් විදිහට දාන්න තමයි ඕං දැන් කල්පනාව. ඕං එහෙනං ඈ....!

අපේ සීයා ජීවත් වෙලා හිටියේ මතුගම පාන්තියේ. විශ්‍රාමික විදුහල්පතිවරයෙක් සහ මුළු දිවයිනටම බලපාන සාමධාන විනිසුරු වරයෙක්, ඒ කියන්නෙ ජේ.පී කෙනෙක්. ඒ කාලේ දැන් කාලේ වගේ පඳුරක් පඳුරක් ගානට වගේ ඉන්න ජේ.පී ලා හිටියේ නෑනේ.

ඉස්කෝල රස්සාවෙන් විශ්‍රාම අරගෙන හිටිය සීයා මුළු කාලෙම යෙදෙව්වෙ ගොවිතැන් කරන්න. පාන්තියේ ගෙදර වටේටම තියෙන කුඹුරු යායකුත් තව ගොඩ ඉඩම් වල මැන්ගුස්, ගොරකා, අඹ, ජම්බෝල වගේ මෙකී නොකී පළතුරු මහ ගොඩක් සීයා වවල තිබුනා. ඒ වගේම විවිධ ජාතියේ තැඹිලි, කුන්දිරා වගේම හොඳ සරුසාර පොල් වගාවකිනුත් පාන්තියේ ගෙදර වට වෙලා තමයි තිබුනේ. අපිත් ඉතින් හිච්චි සන්දියේදි ඉකෝලේ නිවාඩුවක් ලැබුනු ගමන්ම දුවන්නේ මතුගම (පාන්තියේ ). අනිත් නිවාඩු කාල කොහොම වෙතත් අවුරුදු නිවාඩුව නම් අනිවාර්යයෙන්ම ගෙවෙන්නෙ එහේ.

ඔන්න ඔය වගේ එක අවුරුදු නිවාඩුවකට මතුගම ගිහින් හිටිය කාලෙක හරි අපූරු සිද්ධියක් සිදු උනා. මේ සිද්ධිය උනේ 1986ට කලින්. සමහර විට 85 වෙන්නේ පුළුවං. මොකද 86 අවුරුදු මාසෙම තමයි සීයා අප අතරින් සමු අරගෙන ගියෙත්.

මතුගම නිවාඩුව ගත කරන අපිට එළියට බැස්සොත් හැමතිස්සේම කකුලේ ඇඟිලි අස්සෙ එල්ලෙන කූඩැල්ලන්ට අමතරව නිතරම දකින්න ලැබෙන දෙයක් තමයි හැමතිස්සේම පොල් අත්තකින් තවත් පොල් අත්තකට පැනලා ඔංචිලි පදින වඳුරු රංචු. සාමාන්‍යයෙන් මේ වඳුරු රංචු වල එක එක සයිස් එකේ වඳුරෝ 20ක් 30ක් නොවරදවාම ඉන්නවා. ගොඩක් වෙලාවට පොල් ගස් කරටි වලට නැගලා කුරුම්බැට්ටි, පොල් මල්, ඒ වගේම මැංගුස්, අඹ, ගොරක හිටන් කඩලා නාස්ති කරලා දාන නිසා අපේ සීයට නම් මේ වඳුරො සෙට් එක නයාට අඳු කොළ වගේ තමයි.

ඔන්න එදත් පීදීගෙන පොල් ගස් ටිකකට වඳුරො වැඩක් දීගෙන යනවා දැකපු සීයට උන් හිටි තැන් අමතක උනා. විගහට ගේ ඇතුලට දුවල ගිය සීයා ආපහු ආවෙ සීයගේ ලයිසන් තුවක්කුවට පතුරම් ලෝඩ් කරන ගමන්. පොල් කරටියක පොල් මල් වලට වැඩක් දිදී හිටිය වඳුරෙක්ට ඉලක්කෙ ගත්ත සීයා කොකා ගැස්සුවේ අපේ කණ් අඩි අගුළු වට්ටලා. කොහොම උනත් සීයගේ වයස හින්දදා අර වඳුරගේ වාසනාව හින්දදා මන්දා සීයා ගත්ත ඉලක්කය හරියටම හරිගියේ නැතත් උණ්ඩේ ගිහිල්ලා තිබුනේ අර වඳුරගේ මීටර් එකක් විතර දිග වලිගේ හරි මැදින් තුවාල කරගෙන. ඒ වෙඩිල්ල තිබ්බා විතරයි මෙච්චර වෙලා ගස් වෙලට වෙලා ෆුල් කූල් එකේ රිලැක්ස් එකේ හිටිය වඳුරො සෙට් එක මල පැනලා කොච්චර දරුණු උනාද කියනවනම් මහ හයියෙන් කෑ ගගහා පොල් අතු අඹරව අඹරව අතට අහුවෙන හැම ගෙඩියක්ම, මලක්ම කඩ කඩ බිමට දාන්න ගත්තා. කොටින්ම කිව්වොත් සමහර පොල් වලු පිටින්ම ගෙඩිය ගෙඩිය කඩ කඩ බිමට දැම්මා.

ඒ අතරේ තමයි මරු සිද්ධියක් දකින්න ලැබුනේ. කොහේද ඉඳන් ආපු ටිකක් වයසක වඳුරෙක් (සමහර විට ඌ වඳුරන්ගේ වෙද-පප්පා වඳුරා වෙන්නැති ) අර තුවාල වෙලා ගහෙන් අනිත් ගහට පනින්න බැරිව ඉන්න වලිගෙට වෙඩි වැදිච්ච වඳුරා ලඟට ගිහිල්ලා ඌට ප්‍රථිකාර කලේ. මොකක්ද දන්නවද ප්‍රථිකාර ...? අර තුවාල වෙච්ච වලිගේ අරගෙන දෙපැත්තෙන්ම අල්ලගෙන වෙද පප්පා වඳුරා අර තුවාල වෙච්ච හරිය තමන්ගේ පුකේ අතුල්ල ගන්න එක. ඔන්න ඉතින් අර තුවාල වෙච්ච වඳුරත් හරි සනීපෙට ඉන්නවා. වෙද පප්පා වඳුරා ඒ විදිහට දෙපාරක් තුන් පාරක් කලාට පස්සෙ තවත් වඳුරො දෙතුන් දෙනෙකුත් ඇවිත් අර වෙද පප්පා වඳුරා විදිහටම තුවාල වෙච්ච වලිගෙට ප්‍රතිකාර කලා තම තමන්ගේ පුකේ පිහිටෙන්. ඒ සෙට් එක සමහර විට වෛද්‍ය ශිෂ්‍ය වඳුරො ටික වෙන්න ඇති. ඔන්න ටික වෙලාවකට පස්සෙ අර වෙඩි වැදිච්ච වඳුරට අමාරුවෙන් හරි අනිත් ගස් වලට පැනලා වඳුරු රංචුවත් එක්ක යන්න තරම් ඒ වඳුරු පුක් ප්‍රථිකාර ක්‍රමය වැඩ කරලා තිබුනා වගේ පෙනුනා.

ඔන්න ඉතින් එදා ඉඳන් දවස් කීපයක් යනකන් අපේ මාතෘකාව තමයි මේ වඳුරෝ පුකේ පිහිටෙන් කරන වඳුරු පුක් ප්‍රථිකාරය. මිනිහා වඳුරගෙන් පැවතෙනවා කියලා හැමෝම කියන නිසා වඳුරන්ගේ පුක් ප්‍රථිකාරේත් මිනිස්සුන්ට වරදින්න විදිහක් නෑනේ. ඔන්න ඉතින් අපිත් එක්ක සෙල්ලං කරන්න එන කොල්ලෝ කුරුට්ටො සෙට් එකත් එක්ක අපි කතා කලේ මීට පස්සෙ දුවනකොට වැටිලා එහෙම නැත්නම් ඔය ඉරටු සුද්ද කරන වෙලාවට ඇඟිලි කැපිලා එහෙම යනකොට කෝපි කොල තලලා, කෝපි කුඩු තියලා වගේ කරන ප්‍රථිකාර කරන්නෙ නැතිව මේ පුක් ප්‍රථිකාරේ කරලා බලමු කියලා.

ඒත් දවසක් දෙකක් යනකං අපේ කාටවත් තුවාලයක් උනේ නැති නිසා මේක අපිට අත්හදා බලන්න පුළුවංකමක් තිබුනේ නෑ. ඔය අස්සෙ තමයි අපිත් එක්ක නිතරම සෙල්ලම් කරන්න එන චමින්ද අයියා හිටපු ගමන් සෙල්ලං කරන්න එන්නෙ නැතිව ඇරපු එක. ඔන්න එක දවසක් අපිට ක්‍රිකට් ගහන්න ටීම් එකට කට්ටිය මදි වෙච්ච වෙලාවක කට්ටිය කතා උනේ චමින්ද අයියාව ගිහින් කොහොම හරි එක්කගෙන එමු කියලයි.අපිට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් ඒ වගේම අෆ්‍රිඩි වගේ පොල් අඩි කාරයෙක් වෙච්චි චමින්ද අයියා ඉන්න පැත්ත හැමදාම දිනන එකත් පොරව කොහොම හරි ගෙන්න ගන්න ඕනෙ කියන එකට වැඩි ඡන්ද ටිකක් ලැබුනා. ඔන්න ඉතින් කට්ටියම පොරගේ ගෙදරට ගිහිල්ලා කෑ ගැහුවා. ඔන්න එතකොට තමයි බුවා ජනේලෙකින් ඔළුවා දාලා කතා කලේ.

"චමින්ද අයියේ එන්නෙ නැද්ද සෙල්ලං කරන්න......" අපිත් කැගහලා ඇහුවා....!

“මල්ලි, මට එන්න වෙන්නෙ නෑ... ඔයගොල්ලෝ යන්න......”

“චමින්ද අයියේ, මොකද සීන් එක...?”

ඔන්න එතකොට තමයි චමින්ද අයියා සිද්ධිය විස්තර කලේ. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි.

පහුගිය දවසක හවස් වරුවේ සෙල්ලම් කරලා මූණ කට හෝදගෙන ගෙදර ආපු චමින්ද අයියාත් සරමත් ගහගෙන පත්තරයක් කියව කියව ඉඳලා. එතකොට තමයි එක පාරටම චමින්ද අයියාලාගේ තාත්තා කුස්සියේ පිලිකන්න පැත්තෙ ඉඳගෙන කතා කරලා තියෙන්නෙ. මොකද වෙලා තියෙන්නෙ, ලිපේ දාන්න හනසු වගයක් සුද්ද කර කර ඉඳලා තියෙන චමින්ද අයියාගේ තාත්තගේ ඇඟිල්ලක් පිහියට කැපිලා. තාත්තා කතා කරලා තියෙන්නෙ මේකට බෙහෙත් ටිකක් දාන්න කියලයි. මෙන්න බොලේ චමින්ද අයියත් පැනපු ගමන් මොකද කරලා තියෙන්න සරම උස්සලා තාත්තගේ තුවාල වෙච්ච ඇඟිල්ල අරගෙන පුකේ ගහගත්ත එක.

ඉතුරු ටික කියන්න කලින් අපේ එවුන් බිම පෙරලි පෙරලි හිනා වෙනවා.

තාත්තට වඳුරු පුක් ප්‍රථිකාරේ කරන්න ගිය චමින්ද අයියට වෙලා තියෙන්නෙ හොඳවැයින් හනසු පාරවල් දෙක තුනක් පිට හරහයි, පුක හරහයි ලබා ගන්න.

චමින්ද අයියගේ තාත්තගේ ඇඟිල්ල ඒ ප්‍රථිකාර ක්‍රමෙන් හොඳ උනාද කියලා නම් පස්සෙ අපිට අහන්න නම් බැරි උනා..........!

123 comments :

  1. මට තියෙන ප්‍රශ්නේ ඒ අයියාගේ නම චමින්ද ද? දුමී ද? :D

    ReplyDelete
    Replies
    1. පූසත් ඉඳලා ඉඳලා හරි විහිළු තමයි කරන්නෙ....!

      Delete
  2. බල්ලොන්ගේ පුක ඉඹිල්ල ගැනත් ඔය වගේ කතාවක තියෙනවා. රස කරල ලියපන්කෝ. ඔයි පාර පුක නැතිවෙන්න පුක් පෝස්ට් එයි..

    ReplyDelete
    Replies
    1. බල්ලෝ නම් පුක ඉඹින්නේ අර බළු කන්ෆරන්ස් එකකදි උන්ගේ නැති වෙච්ච පුක හොයා ගන්න කියලා තමයි මම නම් අහලා තියෙන්නෙ.

      Delete
  3. :D :D තාත්තා මොනවහරි හපන්න ගිහින් කට තුවාල වුනානම්... :P kiss my Ass

    ReplyDelete
    Replies
    1. එතකොට ඇඟිල්ල ගහලා කටේ තිබ්බා නම් හරි....!

      Delete
  4. නෑ ඉතිං එක අතකට උඔලා වැරදිත් නෑ. කුරුල්ලො දිහා බලලා ප්ලේන් හැදුවනං, වඳුරෝ දිහා බලලා බේත් කලාම මක් වෙනවැයි.....!

    ReplyDelete
    Replies
    1. මම අහලා තියෙන කතාවක් තමයි ඉස්සර මිනිස්සු කැලාවල් ඇතුලෙන් දුර ගමන් යනකොට ලණුවකින් බැඳගෙන වඳුරෙක් අරගෙන යනවලු. අර වඳුර කන ඕනෙම ගෙඩි ජාතියක්, කොල ජාතියක්, අල ජාතියක් අර මිනිස්සු කනවලු. ඒ විදිහට තමයි මිනිස්සු වස විස තියෙන දේවල් වලින් බේරිලා තියෙන්නෙ.

      ඉතින් මේ රෙමඩිය වැඩ කරන්නෙ නෑ කියලා කියන්න පුළුවන්ද ?

      Delete
  5. නියමයි දුමී අයියේ..හික් හික් . හිනාවෙලාම බඩ නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. හැබැයි තුවාල කර ගන්න එපා... දන්නවනේ බෙහෙත් කරන හැටි...!

      Delete
  6. හික් හික් කරලා බලන්ට වටින ප්‍රථිකාරයක් වගේ.....

    ReplyDelete
    Replies
    1. කවුරු හරි වොලන්ටියර් කෙනෙක් කරලා බලන්න එපැයෑ. හරි ගියොත් අපිටත් කියන්න. පොඩි බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් හොඳට නැගලා යන.

      Delete
  7. Replies
    1. නැ නෑ මේක හරි ගියොත් පුකට හොඳ ඩිමාන්ඩ් එකක් එනවා...!

      Delete
  8. මේක දුමියෝ කරලාම බලන්න වටින ප්‍රතිකාර ක්‍රමයක්. සමහර විට අපේ ඉස්පිරිතාල වලටත් ඔය ක්‍රමේ හඳුන්වලා දුන්නොත් හොඳයි. කොහොමද ටිකක් පස්ස මහත නර්ස් කෙනෙක් ප්‍රතිකාර කරන්න ආවොත්.

    ReplyDelete
    Replies
    1. මේක හරි ගියොත් ලෝකේ වඩාත්ම ලාබ ලබන ව්‍යාපාරය කරන්න පුළුවන් වේවි.

      Delete
    2. ආරෝග්‍යා පරමා ලාභා කියන්නෙ ඒකනෙ බං

      Delete
  9. මම ඉස්සර 1 වසරෙ ඉන්නකොට ඔය වචනෙ සම්බන්ධ වැඩක් වුනා.

    මම: අම්මේ අපේ පන්තියෙ ළමයි ජරා වචනයක් කියනව අම්මෙ.

    අම්මා: ඒ මොකද්ද පුතේ?

    මම: ඒ ළමයි අම්මෙ "පුක" කියනව. අපි කියන්නෙ පස්ස පැත්ත කියලනෙ අම්මෙ.

    ඕක කියල අම්ම තාම මාව නෝන්ඩි කරනව....මේක කියෙව්වම ඉතින් කියන්න තියෙන්නෙ. රෙන පුකෙන් මොන බේත් හැදිල්ලක්ද කියල තමයි....මොනා වුනත් සිරා කතාව.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නෙ. කතන්දර ඕක කුණුහරුපයක් නෙමෙයි කියලා ඔප්පු කලේ නැත්නම් අපි අද මේ විදිහට ප්‍රසිද්ධියේ පුක ගැන කතා ලියනවද මම අහන්නෙ....?

      Delete
  10. දුමී අයියේ... උඹට පුළුවන්නේ “පුකේ ඇති ප්‍රයෝජන“ කියලා පොතක් ලියලා පල කරන්ඩ...

    ReplyDelete
    Replies
    1. නෑ බං මට දැන් අයිඩියා එකක් ඇවිල්ල තියෙන්නෙ "පුකෙන් ප්‍රථිකාර" කියලා ක්ලිනික් එකක් පටන්න් ගන්න...!

      Delete
  11. එතකොට බල්ලෝ පුක බිම අතුල්ලගෙන යන්නේ පොළොවට තුවාල වෙච්ච තැන්වලට ප්‍රතිකාර කරන්න වෙන්ඩ ඇති !!

    ReplyDelete
    Replies
    1. ඒකට උත්තරේ අර මාරයාගේ පුක හැදිච්ච හැටි ලියලා තියෙන එකේ තියෙනවා මම හිතන්නෙ....!

      අනික මිනිහා වඳුරගෙන් පැවත ආවට බල්ලා පැවත එන්නෙ කාගෙන්ද කියලා කවුරු හරි අහලා තියෙනවද ...?

      Delete
  12. පුක නෑ සෝමේ කිව්වළු..මං හිතුවේ මේකා මේ විහිළුවට කියපු කතාවක් කියලා..

    අනේ බං දුමී අයියේ උඹලට ඔය කතාවෙදි වැදගත්ම කාරණෘව අමතක වෙලානේ...

    "මිනිහා වඳුරගෙන් පැවතෙනවා කියලා හැමෝම කියන නිසා වඳුරන්ගේ පුක් ප්‍රථිකාරේත් මිනිස්සුන්ට වරදින්න විදිහක් නෑනේ."

    අන්න එතනයි උඹලට වැරදුනේ..ඔය ප්‍රතිකර්මේ හරියනවා ඇත්තේ වඳුරන්ගේ නැට්ටට විතරයි..ඉතිං ඔය ඇගිලි පුකේ ගහලා හරියන්නේ නැහැ..එහෙමනං නැට්ටම තමයි ගහලා බලන්න වෙන්නේ තුවාල වෙච්ච වෙලාවක...:D:D:D


    මං ඔය රැල්ලට ලියවෙන ලිපි වලට සාමන්‍යයෙන් සම්බන්ධ වෙනවා අඩුයි..ඒත් තැටිය රත් වේගන යනවනං ඉතිං රොටී නොබා කොහොමද..?

    මට දැන් මේක දැක්කම හිතෙනවා මාරයාගේ පුක නැති වෙච්ච ඒ අනුවේදනීය කතාව ලියලා දාන්නත්...

    ReplyDelete
    Replies
    1. නැට්ට පුකේ ඔබන එක ගොඩක් අය විනෝදාංශයක් වශයෙන් කරනවා. හැබැයි ඒකෙන් හැදෙන ලෙඩේ පුක මූනේ ඇතිල්ලුවත් සනීප වෙන්නේ නෑ කියන්නේ..

      Delete
    2. මාරයා මලේ මේ කස කාරයා විතරයි. පෙරහැර මග එනවා....! දිග වැඩි නිසා තමයි ඉස්සෙල්ලා කස කාරයාව එවලා මග දෙපස එළි පෙහෙලි කරගන්න බැළුවේ.....

      හා හා ලියපන් බලන්න උඹේ පුක නැතිවෙච්ච කතාවක් විජහට....!

      හරි චාන්ස් එකක් ආවොත් නැට්ට පුකේ ගහලා ලැබෙන එක්ස්පීරියන්ස් එක ගැනත් ලියහල්ලකෝ....!

      Delete
  13. හොඳ උනේ නෑලු :D

    ReplyDelete
    Replies
    1. කිසිවෙකුත් කියනා දෙය පිලි නොගන්න....! තමාම කර බලන්න....! හික් හික් හික්...!

      Delete
  14. කාලයක් මගේ ගාව ගෝලයෙක් වුන්නා. බදුලු පැත්තේ කොල්ලෙක්. හවසට මරු කථා කියනවා. දවසක් මූ කියනවා. පාසැල් යනකාලේ මුන් හොදට මිරිස් අඹරලා ගුලි හදලා ඒවා ක්ලේක තියලා කෝටු මිටියක් ඒ ලගින් තියාලා, බලා ඉන්නවල හැංගිලා. ටිකකින් වදුරු රංචු ඇවිත් අර මිරිස් ගුලි කාලා දැවිල්ලට පිස්සු වැටිලා කෝටු අරගෙන උන් උන්ටම ගහ ගන්නවලු. මහ පව් වැඩක් වුනත් කොලුකමට කරන වැඩ.

    ReplyDelete
    Replies
    1. මේක මාත් අහලා තියෙන කතාවක්. වඳුරෝ එළවන්න ගොඩක් සාර්ථක ප්‍රතිකර්මයක් ලු. ඕකට කරන්නේ හොඳටම කට දැවිල්ල කොච්චි මිරිස් එක්ක බත් අනලා තියලා ලඟින් පොලු කෑලි තියෙනවලු ඒවා කාලා වඳුරෝ තමන්ටම ගහගන්නවාලු කට දැවිල්ල වැඩි කමට ආයි පලාතේ එන්නේ නැහැලු.

      වඳුරො පැටව් අල්ලන්න ලොඳ තියෙන කුරුම්බා ගෙඩියක් කට පොඩියට හදලා තිබ්බම උන් කරන්නේ ඇතුලට අත දාලා මිට මොලවලා අත එලියට ගන්න හදනවලු ඒක බැරි නිසා එහෙන්ම ඉන්නවලු වඳුරු පැටියා අත එලියට ගන්නත් බැහැ කුරුම්බේ උස්සන් යන්නත් බැරි නිසා

      Delete
    2. අපේ එකෙක් උන්නා තාත්තලයි ගමෙ. ඌ ඉස්සර අරක්කු බොන්න තියනවා. කියලා වැඩක් නෑ. අපි බිව්වා වගෙම තමයි. ඌ කටුස්සන්ට දුන්කොලත් කවනවා.

      Delete
    3. වෙද මහත්තයෝ, නරකද මේ ප්‍රථිකාර ක්‍රමේ අත්හදා බැළුවොත්. සෑහෙන්න ඩිමාන්ඩ් එකක් තියෙයි.

      වඳුරන්ට ඩෙංගු හැදෙන්නැත්තෙ මොකද කියලා හොයලා බලන්කොට හොයාගත්තළු වඳුරො ගස්ලබු කොල දළු කන්න හෙනම රුසියි කියලා. ඊට පස්සෙනෙ හොයාගත්තෙ ඩෙංගු වලට ගස්ලබු කොල ඉස්ම ප්‍රථිකාරේ.

      Delete
    4. @මාතලන්,

      මෙන්න මේකෙ තියෙනවා වඳුරෝ ඇතුළු සත්තු මුරුල්ලා කියන පලතුර කාල ඩෝප් වෙලා පිස්සු කෙලින හැටි.

      ඔය පලතුරෙන් තමයි අර "ඇමුරුල්ලා" කියන ඇල්කොහොලික් ක්‍රීම් එක හදන්නෙ.

      http://www.youtube.com/watch?v=PVG4XAFJZZY

      Delete
    5. දුමියො, කොහොම හරි හීන් සැරේ අපේ මහ වෙදනට කාඩ් එකකුත් ගහගත්තා වඳුරු මුත්තා කියලා හරි? වැඩේ වෙද මහත්තයටත් ඒක නොතේරිච්ච එකනෙ.
      දැන් නං අනාගතය ගැන තිබිච්ච බය පොඩ්ඩක් අඩුවුනා, මොකද මේක ස්වයං ‍රැකියාවක් හැටියට කරන්න පුලුවන්නෙ ල.කාවට ගිය දවසක.
      henryblogwalker the Dude

      Delete
    6. හෙන්රි. . . . ලංකාවට ගිහිං පුක් බිස්නස් එකක් පටංගන්නයි කල්පනාව එහෙනං ???

      Delete
    7. පුක එළියෙ දාගෙන ඇක්සිඩන්ට් වෝඩ් එක ලඟ උන්නනං ගානක් හොයා ගන්න ඇහැක්වෙයි ඒත් බේරගන්න බැරිඋනොත් අපි දන්නෙ නෑ හරිය.

      නවම්

      Delete
  15. හොඳ වෙලාවට මිනිස්සුන්ට නැට්ටක් තිබ්බෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි නැත්තේ අන්න අර මාරයට තියෙනවයි කියන්නෙ...!

      Delete
  16. එහෙමනම් මගේ ප්‍රාර්තනය මේ රටේ ගෑණු දොස්තරලා (පට්ට එව්වා) වැඩිවේවා

    ReplyDelete
    Replies
    1. එතකොට ගෑණු අයට ප්‍රථිකාර කරන්නෙ කොහොමද ? ගෑණියෙක් කැමති වෙයිද තව ගෑණියෙක් එයාගේ පුක තුවාලේ අතුල්ලනවට ?

      Delete
    2. උන්ට තමා මේ අපිවගේ සුවේච්චා කොල්ලො ඉන්නේ (පට්ට එව්වට පමණයි)

      Delete
  17. සිරාවට දැනුයි කංපනාවට ආවේ දුමී අයියට හොඳටම ෂුවර්ද අර අතුල්ලන්න ආවේ වෙද පප්පෙක්ය පප්පියෙක් නෙමෙයිය කියලා.....

    ReplyDelete
    Replies
    1. මල්ලි නිකං වරිගේ නහගන්න ඕනෙ නැති නිසා අපි හිතමු ඒ ආව වෙදා පප්පා වඳුරෙක් කියලා. මොකද එහෙම නැති උනොත් මට ලියන්නෙ වෙන්න පුක ගැන නෙමෙයිනේ...!

      Delete
  18. සිරා සිද්දිය දුමී අයියේ... පුකෙන් ප්‍රථිකාර ක්ලිනික් එකක් පටන් ගනින් ඔහේ... ඒවි දඩ ආරබි කාරයො එහෙම හක් හක්

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් උන්ට ප්‍රථිකාර කරන්න ගෙන්නන්න වෙන්නෙ ගෝරිල්ලන්ව.....!

      Delete
  19. ඌ ගුටිකාලා හැදුන තුවාල වල පුක ඇතුල්ලුවේ කව්ද දුමී අයියා???

    ReplyDelete
    Replies
    1. පුකට වෙච්ච තුවාලවලට ඌම පුක අතුල්ලගෙන..............!

      Delete
  20. පුකෙයෝපතික වෛද්‍ය විද්‍යාව

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඉඳුනිල්.... මට ඊලඟ පුක් කතාවට අවශ්‍යය වචනේ ලබාදුන්නාට....!

      Delete
  21. මේකෙං හරි ට්‍රෙන්ඩ් එක වෙනස් උනොත් හොඳා. මේටිකේ කියවන්නම උනේ කියවලාම එපා උන සබ්ජෙක්ට් එකක්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කවි කාරි.... ඕන පුකක් කියලා මමත් පුක ගැන ලියන්න පටන් ගත්තෙ.....!

      Delete
  22. දැන් මේ කතන්දරයයි, ඔය තව එන්ඩ තියෙනවාය කියන කතන්දරයි මෙච්චර කල් කොහේද හංගාගෙන උන්නේ කියලා නං මං අහන්නේ නෑ ඔන්න!

    ReplyDelete
    Replies
    1. එතකොට කසූ හිතාගෙන ඉන්නේ මේ කතා ටික මම ගකේ පුහගෙන හිටියා කියලාද ?

      Delete
  23. උඹ වෙනද ලියන ඒවත් එක්ක බැලුවාම මට නම් මේකේ කිසිම රහක් නෑ බන් . .. .

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි. මෙලෝ රහක් නෑ. බලමු. ඉස්සරහට එන්න තියෙන කතන්දර ටිකවත් පරණ style එකට ලියන්න

      Delete
    2. දුකා උඹට මේ කතාවෙ තියෙන යටි පෙල හරියට තේරිලා නෑ....! ආපහු මුල ඉඳන් කියවපන් මේක.......!

      Delete
    3. @dileepa,

      අර දුකාට වගේම මේ කතාවෙ පසුපෙල පිලිබඳ බැරෑරුම් ප්‍රශ්නයක් මේක. විඤ්ඤාණය පාවිච්චි කිරීමට ආත්මිකව පුරුදු පුහුණු වූ මානවයන් මේ සා ගෙන හැර දැක්වූ කාතිකාවෙ සැඟ වුණු යටි අරුත ග්‍රහණය කර ගැනීමේ පරිචයන් සුභාවිතය කොට නැති බව ප්‍රත්‍යක්ෂිතව පිලිඹිබු කර ඇති බව මොනවට පැහැදිලි කරදී තිබේ.

      Delete
    4. ෂා ෂා ඒ අන්තිමට දිලීපට කියපු වචන ටික දැක්කත් හරි මගේ මුළු සරුවාංගෙම සලිත වෙලා ගියා..ඒ තරමට මට ඒ කිව්ව ටික තේරුනා...උඹත් දැන් දැන් සම්බාවිය වේගන එනවද මංදා..ඕකනේ කරන්න බැරි..අපි සමංබාවිය වෙන්න හැදුවොත් උඹලත් එනවා ඒකම කරන්න..මේක මහ පුදුම ලෝකයක්..සික්...

      @දුකා...

      හොඳ වැඩේ බොට ආවා මෙතන උඩ ඉදන් කියවන්න..යකෝ මේ දුමියා කියන්නැහේ මේක යට පේලියේ ඉඳන් උඩහට කියවහන්..

      මං හරි නේද කිව්වා දුමී අයියේ..?

      Delete
    5. @මාරයෝ,

      මෙවැනි අල්ප නොවූ සුමට සුගම වූ පරිචයන් භාවිතයේදී අපගේ ආත්මීය ශික්ෂණයේ පරිභාවිතාව සුගම්‍යව විතීක්ෂණය කල යුතුයි. ඒ හා පරිබාහිර වූ කතිකාවකට මේ ප්‍රපංචය තුල තිබෙන අති සීමාකාරි විභවය අතිශයින්ම ප්‍රකම්පිත පිළිඹිබුවක අවශ්‍යතාවයට පරිපූර්ණගත කල යුතුමයි .

      Delete
    6. ඒ එසේමැයි මා මිත්‍ර දුමියාණෙනි.. හුදෙක් අ‍ප වැන්නවුන් මෙසේ බෙණෙනා කලට ඒ හා බැඳි ඇති නෛක ජනී ජනයාහුදෙක් අප කෙරෙහි ඊර්ෂ්‍යා පරවශව රොස් කෙරෙති.වන්නාටය වුන් නොකෙලනා කල අපැ විසින් මෙවන් තන්හී තන්හී කෙලියැ යුතුමය.එසේ නොකල්හී නම් අප කුඩෑ කොට සලකත්.ආක්‍රෝෂයෙන් සංග්‍රහ කෙරෙත්..නැත නැත ඒ එසේ විය යුතු නොවේ.ඉඳින් මෙතැන් පටන් අප වැන්නවුන්ද දෙලෝ යහපත පිණීස මෙසේ කාරණා කලයුතුම වම්හ.ප්‍රීතී ප්‍රීතී බෑයන්වහන්ස...

      Delete
    7. හරි හරි, තේරුණා... උම්මග්ග ජාතකේ නේද උඹ ඔය පේස්ට් කරපු කෑල්ල තියෙන්නෙ ?

      Delete
  24. හි හි හි.........හි හි හි..............මෙච්චරයි කමෙන්ටුව....තවත් හි හි හි හි හි හිහිහි..............:D

    ReplyDelete
    Replies
    1. හි හි හි.........හි හි හි..............මෙච්චරයි උත්තරේ....තවත් හි හි හි හි හි හිහිහි..............:D

      Delete
  25. මනුස්සයට ඒඩ්ස් හැදුනෙ වඳුරගෙන් කියල කතාවක් මම අහල තියෙනව... ඒකෙයි ඔය පුක් ට්‍රීට්මන්ට් එකෙයි සම්බන්ධයක් තියෙන්න බැරිද කියලයි මම මේ කම්පනා කොරන්නෙ....

    ReplyDelete
    Replies
    1. සමහර විට වෙන්න පුළුවං. පුක් වඳුරු ට්‍රීට්මන්ට් එක ජානවල සැඟවිලා තියෙන්න බැරි නෑනේ....! ඒක නිසා ඒඩ්ස් හැදෙන එකට ඒකත් හේතුවක් වෙන්න ඇහැකි....!

      Delete
  26. හයියෝ හයියෝ............හිනා වේ පණ නැහැ. ඒ අයියේ කළු වඳුරො රැළක් ඉන්නවා අපේ ගමේ. උන්ටත් මේ වැඩේ හරියාය. උන් නම් මහ වල් වඳුරෝ. ගෑනුන්ට බය නැහැ පිරිමි ඈයොන්ට නම් බයයි.

    අනික උන්ගෙ වෙද වඳුරා මැරිල ද කොහෙද. මෙහෙම දෙයක් නම් දැකලම නැහැ.අහස් කූරු තමයි ඉතිනි එකම පිළියම.

    ReplyDelete
  27. දුමී අයියා ඕකා ටැස් කොරපු හැටි කියලා නෑනේ

    ReplyDelete
    Replies
    1. අනේ බං මට නම් තාම ඕක ටෙස්ට් කොරගන්න හම්බ උනේ නෑ...!

      Delete
  28. අය්යෙ නියම කතාව. මම අපේ ගෙදර කට්ටියටත් මේ පෝස්ට් එක පෙන්නුව. හැමෝම පන යනකල් හිනා වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න නංගි ගෙදර අයට කියන්න ෆස්ට් ඒඩ් බොක්ස් එකට තවත් බෙහෙතක් තියෙනවා කියලා....!

      Delete
  29. මම මේක කියවලා ඔබා අයියගෙ විනය තැකූ විදුහල්පති කියෙව්වම මට මෙහෙම හිතුනා. "අර දුකා ලියලා තියෙන අහවල් රෙමඩි එකෙයි මේ කතාවෙයි මොකුත් සම්බන්දයක් තියෙනවද?
    මම සාමාන්‍යයෙන් බට ලයිට් නිසයි ඇහුවෙ!"
    හැබෑටම එහෙම තියෙනවද නැතිනම් මේක කුමන්ත්‍රණයක්ද?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. දැන් මේ කමෙන්ට් එක කියවලා මමත් නිකං බට ලයිට් එකක් උනාද මන්දා.....!

      Delete
  30. ලොවෙත් නෑ.. ආර්වේධ ප්‍රතිකර්මයක් වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ ඕවා නඩු යන වැඩ.....! මම එහෙම එකක් ලියලා නෑනේ.....!

      Delete
  31. පෝස්ට් එකයි කමෙන්ටුයි සේරම කියෙව්වා.හරිම විනෝදයි.පහුගිය දවස්ටිකේ එක එක බ්ලොග් වල ලියැවුනු බ්ලොග් පෝස්ට් එක්ක බලන කොට මේවා රත්තරං

    ReplyDelete
    Replies
    1. හැමදාම අඬන මිනිස්සුන්ව තවත් අඬවන්නෙ නැතිව පොඩ්ඩක් හරි හිනස්සන්න පුළුවන්නම් ඒක තමා ලොකුම සද්කාර්යය....!

      Delete
  32. මරු ප්‍රතිකාර ක්‍රමේ . ඔය කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා හොයා බැලන්න නම් විද්වත් කමිටුවක් පත් කරලා පරීක්‍ෂනයක් පවත්වලා බලන්න කියමු ..

    ..

    ReplyDelete
    Replies
    1. සඳරු මලේ, බැරිද ඔය පැත්තෙන් පොඩ්ඩක් මේ ගැන රිසර්ච් පාරක් දාලා දෙන්න.... හරි ගියොත් හවුල් ව්‍යාපාරයක් පටන් ගත්තෑකි...!

      Delete
  33. කොට්ටාව පැත්තේ තාම වඳුරෝ එනවා . කිසිම ගහක ගෙඩියක් හැදෙන්න දෙන්නේ නැහැ . අපේ මාමණ්ඩි දැන් සිල් ගන්න හන්ද උන්ට මුකුත් කරන්නේ නැහැ . දවසක් කෙහෙල් ගෙඩියක් කකා වඳුරෙක් තාප්පේ උඩ. මාමණ්ඩිව දැක්ක ගමන් බාගෙට කාපු කෙහෙල් ගෙඩිය එයාට දික් කලාලු . ''ඔහේගේ නම් ඔහේ ගන්න ..හොඳ නැහැ නොවැ හොරා කන්න'' කියන්න වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මගෙත් යාළුවෙක් ඉන්නවා කොට්ටාව පැත්තෙ ටිකක් ඇතුලට වෙන්න....! ඒක නම් වඳුරු විමානේ...! මම හිතන්නෙ තාම උන්ට පැන පැන යන්න පුළුවන් තත්තේ ගහක් කොලක් තියෙන පලාත්වල තමයි උන් ඉන්නේ....! උනුත් ඉතින් ජීවත් වෙන්න එපැයි...!

      Delete
  34. අනේ අප්පේ මේ අයියල කරල තියෙන වැඩ...

    අයියේ පාන්තිය කියන්නේ මොකද්ද....

    ReplyDelete
    Replies
    1. මතුගම පාන්තිය කියන්නෙ අපේ තාත්තාගේ ගම. මතුගමට පොඩ්ඩක් මෙහාට වෙන්න තියෙන්නෙ....!

      Delete
  35. මරු ප්‍රථිකාර ක්‍රමයක් නෙව.
    කෝ තුවාල වෙච්ච එකෙක් එහෙම ඉන්නවැයි !!!

    ReplyDelete
    Replies
    1. අන්න පුළුවන්නම් හොයාගෙන ප්‍රථිකාරෙ කරලා බලහං...!

      Delete
  36. ජැක් ගසා ගිනිගෙන දැවුන බ්ලොග් ලෝකයට . . . . දුමී අයියාගේ පුකෙං ප්රතිකාර

    ReplyDelete
    Replies
    1. එහෙම හරි සහණයක් තියේනම්.....!

      Delete
  37. ෆට්ට... එත් ඕක කොරන්න ගිහින් පුක තුවාල කරගන්නවාට හොඳයි මෙහෙම ඉන්න එක.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, පුක තුවාල කරගත්තොත් පුකෙන් ප්‍රථිකාර කරගන්න බැරිව යනවා...!

      Delete
  38. කාලෙන් කාලෙට තාලෙන් තාලෙට... ඔන්න ඔහේ මාත් දාන්න ඕනේ පොස්ටුවක් කපු පුක කියලවත්

    ReplyDelete
    Replies
    1. අර කවුද කිව්ව වගේ තැටිය රත් වෙලා තියෙන වෙලාවෙ තමයි රොටියක් හරි පුච්චගන්න පුළුවං..!

      Delete
  39. දැන් ඔය විදියට ප්‍රතිකාර කරගන්න යනවට වඩා හොඳයි නිකන් ඉන්න එක...මොකද කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑනෙ....

    ReplyDelete
    Replies
    1. එවා කියන්න බෑ....! දැන් මම පෙන්නලා දුන්නට පස්සෙ කවුරු හරි රිසර්ච් කරලා හොයාගත්තොත් මේකෙන් මාරාන්තික ලෙඩ හොඳ කරගන්න පුළුවං කියලා....!

      Delete
  40. අපි ඉස්සර ජේ.පී. ලට කියන්නෙ ජොලි පුකා කියල.

    ReplyDelete
    Replies
    1. ආහ්.. කමක් නෑ.... පුක් කෑල්ලක් තියෙන නිසා කතාවට සම්භන්ධයක් තියෙනවනේ.....!

      Delete
  41. මේ කතා කියන්නෙ කට කහනවටද පුක කහනවටද දුමීඅයියේ?

    ReplyDelete
    Replies
    1. පුකෙන්ම තමයි අහන්ට වෙන්ටේ...!

      Delete
  42. ආයි අතක් පයක් කැපුනොත් කාගෙ හරි පුකක අතුල්ලලා බලන්න ඕනි සනීප වෙයිද කියලා !

    ReplyDelete
    Replies
    1. නැචුව නැචුව....මේ වගේ වටිනා දේවල් අභාවයට යන්න දෙන්න නරකයි...!

      Delete
  43. අවවාදයයි! පොඩි ලමයි මේවා කරන්න යාමෙන් පුක්‍යා භාවය අහෝසි විය හැකියි! :-)

    ReplyDelete
    Replies
    1. මළ හුටස් පරයයි..... එහෙම එකකුත් තියෙනවාද ආරක්ෂා කරගන්න....?

      Delete
  44. ෂා.... පුකෙනුත් කරන්න පුලුවන් දේවල් නේද අයියේ...හැබැයි ඕවා කරන්න ගිහින් නක දී පුසී වෙයිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මොනව කලත් තම තමන්ගේ පුක තම තමන් පරිස්සම් කරගන්න ඕනෙ කියලා කතාවක් තියෙනවනේ....!

      Delete
    2. නැතුව නැතුව. ගෑල්ලමයින්ට කණ්‍යාභාවය වගේ තමයි බෝයිස් ලට පුක්‍යාභාවය :-)

      Delete
  45. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඕන පුකක කියල මාත් ලියනව හිතුනොත් පුක ගැන... දෙයියනේ පුක..

      Delete
    2. පමා වී පසුතැවිලි නොවන්න....තැටිය රත් වී ඇති කල රොටිය පුච්චාගන්න...!

      Delete
  46. ට්‍රයි කොරලා බලන්ට ඕනෙ පුක් රෙමඩිය හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. වඳුරන්ට වරදින්නෙ නැත්නම් අපිටත් වරදින්න විදිහක් නෑ...!

      Delete
  47. මුලින් පෝස්ට් එක කියවගෙන යද්දීනම් කතාව තේරුනා
    ඒත් අන්තිමට කමෙන්ට් කියෝගෙන එද්දී ආපහු බට ලයිට් උනා වගේ ගතියක් දැනුනා

    රාමායනයේ ඉන්න හනුමත් මේ ක්‍රමයෙන්ද දන්නේ නැහැ තුවාල වෙච්ච ලක්ෂ්මනව හොඳ කලේ.
    කතාවටනම් කියන්නේ බෙහෙත් කන්දක් උස්සගෙන ආවා කියලා
    ඒක බොරු කියල තමයි මේක බැලුවහම හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. හනුමගේ පුක නැතිවෙන්න ගිණි ගත්තනේ....! ඉතින් සමහර විට ඒකෙන් බේත් කරන්න බැරිවෙන්නැති...!

      Delete
    2. හනුමට විතරක් යැ බං පුකක් තිබ්බේ....සුග්‍රීව, චාලි,.......ඔය වඳුරු හමුදාවක්ම හිටියනේ....
      මටත් හිතෙනවා නෙරන්ජන්ගෙ හී පාරට ලක්ෂ්මන මූර්ජා වෙලා ඉන්දෙදී... සංජීවනී ගෙනාව කියන්නේ බොරු.... සුවර් එකට වඳුරු හමුදාවම ඇවිත් පුක අතුල්ලන්න ඇති,

      Delete
  48. මට පේන්නෙ වෙඩි තියපු එකාටයි,එතන හිටිය අනික් එවුන්ටයි කෙළවන්ට වඳුරු නායකයා දාපු උප්පරවැට්ටියක් වගෙ.....මේ ඇහුවට මොකුත් හිතන්න එපා..උඹලගෙ සීයා මැරුනෙ මක් වෙලාද දුමියො..:D

    ReplyDelete
  49. පුරාණේ සිට එන කෙම් ප්‍රතිකාර.ඕවා බොරුයි කියන්නේ කොහොමෙයි..

    ReplyDelete
  50. සෑහෙන කාලෙකින් හොඳට හිනා උනා ........
    චමින්ද කියන හාදයා ඇත්තටම තාත්තගේ ඇඟිල්ල අහවල් තැන අතුල්ලන්න ගිහින්ද ...

    ReplyDelete
  51. ඔන්න අදයි මේ පැත්ත ඉස්සෙල්ලම දැක්කෙ.අධෝ මුඛේට ඉස්සෙල්ලම කොමෙන්ට් කරන එක හරි නැද්දත් මන්දා.ඒත් ඔය ප්‍රථිකර්මෙ ගැන පූර්ණ පර්යේෂණයක් කරලා ඕකට පේටන්ට් එහෙම ගත්තනං දෙයියනේ කියලා කාලා බීලා ඉන්න තිබ්බා කාටවත් පු_ නොදී.

    ReplyDelete
  52. පුක කියන වචනය නරක හෝ අසභ්‍ය වචනයක් නෙමෙයි, නමුත් ග්‍රාම්‍ය වචනයක්. කථිත බසේ දී භාවිත කලත් ලිඛිත බසේ දී භාවිත කරන්නේ නැහැ.
    දැන් ඔන්න පුක ග්‍රාම්‍ය යි කිව්වට කව්රුත් තරහ ගන්න එපා. මම කිව්වේ සාහිත්‍යමය ඇසකින් බලල.

    දුමී ගේ පෝස්ට් කවදත් හරි අපූරුයි.

    ReplyDelete
  53. මගෙ අම්මෝ... හිනාවෙලා පණ ගියා පෝස්ට් එකයි කමෙන්ට්ස් ටිකයි කියවල... අපෙත් එක්කෙනෙක් ඉන්නව, ඔය අකුරු දෙක මතක් උනා නම් ඇති... පට පට ගාලා කතා එන්නෙ ගලාගෙන....

    ReplyDelete
  54. ලොවෙත් නෑ! නියම ප්‍රතිකාරේ

    ReplyDelete
  55. හිනා යන එක නවත්ත ගන්නත් ඇගිල්ල ගහන්න වෙයිද මන්ද ..... අම්මෝ..... අයියෝ.....

    ReplyDelete

Related Posts with Thumbnails